Indo Sri Lanka Annual Canoeing Sprint – 2024 හි පානීය ජලය සඳහා Ceylon Cold Beverages ආයතනය අනුග්‍රාහක දායකත්වය දක්වයි

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා 2024 අප්‍රේල් මස 10 සහ 11 යන දිනයන්හීදී පැවැත්වීමට නියමිත මුහුදු කායකින් තරඟාවලිය (Indo Sri Lanka Annual Canoeing Sprint – 2024) සඳහා පානීය ජලය ලබාදීමේ අනුග්‍රාහක දායකත්වය Ceylon Cold Beverages ආයතනය විසින් සිදුකිරීමට නියමිතව ඇති අතර, එම ආයතනයේ කළමණාකරන අධ්‍යක්‍ෂක ජේඑම්සීටී ජයසුන්දර මහතා විසින් ජල බෝතලයක් සංකේතාත්මකව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, අද දින (2024 අප්‍රේල් 08) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය (National Association of Canoeing and Kayak Sri Lanka – NACKSL) විසින් ඉන්දියානු කැනෝයි හා කායක් සංගමය (Indian Kayaking and Canoeing Association – IKCA) හා එක්ව සංවිධානය කරන ලබන මුහුදු කායකින් තරඟාවලිය සඳහා අවශ්‍ය පානීය ජලය සඳහා අනුග්‍රාහක දායකත්වය Ceylon Cold Beverages ආයතනය විසින් සිදුකරනු ඇත.