වැදගත් සිදුවීම්
ඉංජිනේරුවන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා සැලසුම් අධ්‍යක්‍ෂකය වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් පිළිගැනීමේ සහතිකයක්
නාවික ඉංජිනේරු සහ නාවික සැලසුම් ක්‍ෂේත්‍රයෙහි උපාධිදාරී ඉංජිනේරුවරුන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (Institution of Engineers Sri Lanka - IESL) වරලත් ඉංජිනේරුවරයෙකු ලෙස සාමාජිකත්වය ලබාගැනීම සඳහා පුහුණු කිරීමේ ආයතනයක් ලෙස, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් නාවික හමුදා සැලසුම් අධ්‍යක්‍ෂකය වෙත පිළිගැනීමේ සහතිකයක් පිරිනමන ලද අතර, එම සහතිකය අද දින (2024 අප්‍රේල් 08) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිරිනැමීම, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ විසින් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
08 Apr 2024
Indo Sri Lanka Annual Canoeing Sprint – 2024 හි පානීය ජලය සඳහා Ceylon Cold Beverages ආයතනය අනුග්‍රාහක දායකත්වය දක්වයි
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා 2024 අප්‍රේල් මස 10 සහ 11 යන දිනයන්හීදී පැවැත්වීමට නියමිත මුහුදු කායකින් තරඟාවලිය (Indo Sri Lanka Annual Canoeing Sprint – 2024) සඳහා පානීය ජලය ලබාදීමේ අනුග්‍රාහක දායකත්වය Ceylon Cold Beverages ආයතනය විසින් සිදුකිරීමට නියමිතව ඇති අතර, එම ආයතනයේ කළමණාකරන අධ්‍යක්‍ෂක ජේඑම්සීටී ජයසුන්දර මහතා විසින් ජල බෝතලයක් සංකේතාත්මකව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, අද දින (2024 අප්‍රේල් 08) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
08 Apr 2024
ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩිසයිසිව්’ නෞකාව (USCGC Ex -Decisive) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගැනීමේ මූලික සාකච්ඡාවක් නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පවත්වයි
ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ‘Medium Endurance Cutter’ නෞකා පංතියට අයත් USCGC Ex -Decisive නෞකාව ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබාගැනීම සම්බන්ධ මූලික සාකච්ඡාවක් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගීතා කාර්යාල ප්‍රධානී CDR Sean Jin, ගේ ප්‍රධානත්වයෙන් 2024 අප්‍රේල් මස 03 වන දින සිට 05 වන දින දක්වා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.
08 Apr 2024
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ 2024 අප්‍රේල් මස 04 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2024 අප්‍රේල් මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රවී රණසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.
08 Apr 2024


