වැදගත් සිදුවීම්

නාවික හමුදා සේවා වනිතා අලුත් අවුරුදු පොළ වැලිසර නාවික සංකීර්ණයේදී

සියලුම නාවික හමුදා පුද්ගලයන්ගේ සහ නාවික පවුල් වල සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලබන 2024 අලුත් අවුරුදු පොළ විවෘත කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 අප්‍රේල් 10) වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි.

10 Apr 2024

පැය 23 යි විනාඩි 46 ක කාලයකදී මාර්ග 04 කින් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) සමත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරනු ලබන; නල්ලතන්නිය, එරත්න, පලාබද්දල සහ ‍මාලින්බොඩ යන මාර්ග 04 ඔස්සේ පැය 23 යි විනාඩි 46 ක කාලයක් තුලදී ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර, පැය 24 ක් ඇතුළත වැඩිමවාර ගණනක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කල පළමු පුද්ගලයා ලෙස සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

10 Apr 2024