වැදගත් සිදුවීම්

මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් 07 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් හත් දෙනෙකු (07) විසිරයාමේ උත්සවය, නැගෙනහිර නාවික විධානයේ වැඩ බලන ආඥාපති හා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 මැයි 04) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

04 May 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අද දින (2024 මැයි 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

04 May 2024