නාවික හමුදාවේ සියළුම අංශයන්ගේ ජ්‍යේෂ්ඨතම නාවිකයින් (Branch Head Sailors), ආයතන සහ නෞකාවන්ගේ  විනය පාලකවරුන්, ජ්‍යේෂ්ඨ නාවික නිවාස සභාපතිවරුන්, පුහුණු පාසල්  ප්‍රධාන සරඹ උපදේශකයින් සහ ප්‍රධාන උපදේශකයින් වෙනුවෙන් එක් දින වැඩමුළුවක් 2024 මැයි මස 03 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.