උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ අද දින (2024 මැයි 13) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු නාවික විධානය වෙත රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් කාංචන බානගොඩ විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, උතුරු නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරුණු අතර, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඉදිරියේදී නැ‍ගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතව ඇත.