වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ අද දින (2024 මැයි 13) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

13 May 2024

සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් සංඝාවාසය නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර මහා සංඝරත්නය වෙත පූජා කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් සංඝාවාසය මහා සංඝරත්නය වෙත පුජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය, 2024 මැයි මස 11 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

13 May 2024

නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී සාර්ථකව පවත්වයි

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear - CBRN) මහජන ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවයට විශාල බලපෑමක් ඇති කරනු ලබන අතර, ඒ සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් 2024 වර්ෂයේ පළමු කාර්තුවේදී ත්‍රිකුණාමලය, අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

13 May 2024