වැදගත් සිදුවීම්
ජාතික රණවිරු සැමරුම් උළෙල ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී
2024 ජාතික රණවිරු සැමරුම් උළෙල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 19 වන දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
19 May 2024
මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා නව උඳුනක් ස්ථාපිත කිරීමේ ගොඩනැගිල්ල නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පුත්තලමේදී ඉදි කරයි
මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා නව උඳුනක් ස්ථාපිත කිරීම සහ එහි නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකල අතර, එය විවෘත කිරීම, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 18 වන දින සිදු කෙරිණි.
19 May 2024
34 වන කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 34 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය 2024 මැයි මස 17 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
19 May 2024


