වැදගත් සිදුවීම්

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් නාවික හමුදාව සම්බුදු තෙමඟුල සමරයි

2024 මැයි මස 23 වන දිනට යෙදුණු සම්බුදු තෙමඟුල සැමරීමේ වෙසක් උත්සවය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි බෞද්ධාගමික වැඩසටහන් මාලාවක් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් සංවිධානය කෙරුණු අතර, මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය, බෞද්ධාලෝක වෙසක් කලාපය, බුද්ධ රශ්මී වෙසක් කලාපය, දියත උයන වෙසක් කලාපය, මහර කඩවත වෙසක් කලාපය සහ කොල්ලුපිටිය වාළුකාරාමය වෙසක් කලාපය සඳහා ද නාවික හමුදාව බැති සිතින් දායකත්වය දැක්වීම සිදුකෙරිණි.

24 May 2024

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දළදා මන්දිරයේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දළදා මන්දිරයේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය, ගරුතර මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 23 වන දින කෝට්ටේ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

24 May 2024

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1289 ක් පොදු සමා කාලය තුළ බාර වෙයි

2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් එක්දහස් දෙසිය පනස් හතර දෙනෙකු (1254) නාවික හමුදා කඳවුරු වෙතත්, විදේශ ගත නාවිකයින් තිස්පස් දෙනෙකු (35) මාර්ගගත ක්‍රමය ඔස්සේත් වශයෙන් නාවිකයින් එක්දහස් දෙසිය අසූ නව දෙනෙකු (1289) බාර වී ඇත.

24 May 2024