වැදගත් සිදුවීම්
‘සැපයුම් සම්මන්ත්‍රණය- 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ
‘සැපයුම් සම්මන්ත්‍රණය - 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම 2024 ජුනි මස 08 සහ අද දින (2024 ජුනි 09) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, සැපයුම් සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය, මොරටුව විශ්වවිද්‍යාලයේ සැපයුම්දාම කලමණාකරන අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලේස් පෙරේරා විසින් සිදුකෙරිණි.
09 Jun 2024
නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය සමරයි
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 1999 වර්ෂයේ ජුනි මස 10 වන දින ස්ථාපිත කල ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කල සැමරුම් උත්සවයක් 2024 ජුනි මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ත්රීකූණාමලය නාවික තටාකාංගණයේ කිමිදුම් පුහුණු පාසලේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
09 Jun 2024


