ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පරිශීලනය සඳහා ප්රදානය කෙරුණු පොත් හා ප්‍රකාශන සංකේතාත්මකව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාරදීම, අද දින (2024 ජුනි 14) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක Colonel Amanda Johnston විසින් සිදු කෙරිණි.