වැදගත් සිදුවීම්
මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන Rear Admiral Hu Gangfeng ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක්, අද දින (2024 ජුනි 18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී එම නිලධාරී කණ්ඩායම් ප්‍රධානි සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.
18 Jun 2024
රාජකාරියේ යෙදී සිටියදී පූර්ණ ආබාධිත තත්වයට පත් නාවිකයෙකු වෙත නාවික හමුදා සුභසාධක අංශය මඟින් වායු මෙට්ටයක් සහ විදුලි රෝද පුටුවක් ප්රදානය කරයි
රාජකාරියේ යෙදී සිටියදී පූර්ණ ආබාධිත තත්වයට පත් නායක නැවි (සරඹ උපදේශක) ඩබ්ඒපීඑස් වීරසිංහ යන විශ්‍රාමික නාවිකයා වෙත වායු මෙට්ටයක් සහ විදුලි රෝද පුටුවක් ප්රදානය කිරීම නාවික හමුදා සුභසාධක අංශය මඟින් 2024 ජුනි මස 17 වන දින එම නාවිකයාගේ නිවසේදී සිදු කෙරිණි.
18 Jun 2024


