වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය උතුර සහ දකුණ ප්‍රදේශයන්හී නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2024 ජුනි මස 22 සහ 23 දෙදින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය උතුර සහ දකුණ ප්‍රදේශයන්හී නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයන්හී නාවික හමුදා මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්‍ෂණය කල අතර, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ ඉදිරි අභිප්‍රායයන් පිළිබඳව එහිදී, ත්‍රිකුණාමලය උතුර ප්‍රදේශයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේදී සිදු කෙරිණි.

24 Jun 2024

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සහ ලෝක බෞද්ධ පෙරමුණේ වාර්ෂික සම්මේලන යාපනය නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහ සම්මේලනය හා ලෝක බෞද්ධ පෙරමුණේ 05 වන වාර්ෂික සම්මේලනය නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි මස 22 වන දින නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේදී පැවත්වුණු අතර, එය සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාව සහය ලබාදීම සිදු කෙරිණි.

24 Jun 2024