වැදගත් සිදුවීම්

නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය සහ සේවා සැපයීම ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කල ජංගම සේවා රථයක් හඳුන්වා දෙයි

නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය සහ සේවා සැපයීම ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කල ප්‍රථම ජංගම සේවා රථය එළි දැක්වීමේ උත්සවය, අද දින (2024 ජුනි 27) උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදි පැවැත්වීමට කටයුතු කෙරිණි.

27 Jun 2024

නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් බලපිටිය මාදු ගඟෙහි අභිනවයෙන් ඉදිකල සීමාමාලකය සඟසතු කොට පූජා කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් බලපිටිය, මාදු ගඟෙහි අභිනවයෙන් ඉදිකල සීමාමාලකය, ‘ස්වේජින්’ සීමාමාලකය ලෙස නම් කර ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් විවෘත කර සඟසතු කොට පූජා කිරීම, 2024 ජුනි මස 26 වන දින බලපිටිය මාදු ගඟෙහිදි සිදු කෙරිණි.

27 Jun 2024