වැදගත් සිදුවීම්

ලෝක වාර්තාවක් පිහිටවූ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන ගේ සේවය ඇගයේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන විසින්, කිලෝමීටර් 586.1 ක දුරක්, පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ, නැවත පූනෑව දක්වා ගමන් කරමින් 2024 ජනවාරි මස 19 වන දින පිහිට වූ නව ලෝක වාර්තාවට අදාළ සහතික පත සහ කුසලානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ඉදිරිපත් කිරීම අද දින (2024 ජුලි 09) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, එහිදී නාවිකයාගේ සේවය අගයමින් නාවික හමුදාධිපති විසින් ඔහු වෙත ප්‍රශංසාත්මක ලිපියක් පිරිනැමීමට කටයුතු කෙරිණි.

09 Jul 2024

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 09) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

09 Jul 2024