වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් මඩකළපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මඩකලපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුලි මස 25 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
26 Jul 2024
කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථාන පරිශ්‍රයේ නාවික හමුදාව මඟින් අලුත්වැඩියා කළ විශ්‍රාම ශාලාව විවෘත කෙරේ
කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන නාවික හමුදා සේවයේ නියුතු හා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් වෙනුවෙන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූල්‍ය දායකත්වයෙන් හා නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අලුත්වැඩියා කළ විශ්‍රාම ශාලාව විවෘත කිරීම, 2024 ජුලි මස 25 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම දේවස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි.
26 Jul 2024
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘‘USS Michael Murphy’’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 ජුලි මස 23 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘‘USS Michael Murphy’’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ජුලි 26) දිවයිනෙන් පිටත්ව යාමට කටයුතු කෙරිණි.
26 Jul 2024


