නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ප්‍රතිසංස්කරණය කර වැඩි දියූණු කරන ලද සූර්ය විදුලි බල මෝටර් රථයක් වැලිසර නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටියේ භාවිතය සඳහා භාරදීම, 2024 අගෝස්තු මස 02 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය පරිශ්‍රයේදී සිදුකෙරිණි.