වැදගත් සිදුවීම්
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
නිල සංචාරයක් සඳහා 2024 අගෝස්තු මස 02 වන දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය, නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 අගෝස්තු 04) දිවයිනෙන් පිටත්වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
04 Aug 2024
ගාල්ල වෙරළ තීරයේදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 03 වන දින ගාල්ල නාවික හමුදා කඳවුරේ සිට ගාල්ල කොටුව දක්වා සහ හම්බන්තොට නගර සීමාවේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.
04 Aug 2024


