වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු ආයතන පරිශ්‍රයේ ස්ථාපනය කළ Ship-in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කෙරේ
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කරමින්, එම දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රාහකත්වයෙන් ස්ථාපිත කෙරුණු; යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කරනු ලබන Ship-in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කිරීම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී, ගරු ජූලි චංග් මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් පූජිත විතානගේ ගේ සහභාගිත්වයෙන් අද දින (2024 අගෝස්තු මස 15) කිරින්ද උසස් පුහුණු ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
15 Aug 2024
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනී
රියර් අද්මිරාල් ජගත් කුමාර උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 අගෝස්තු 15) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.
15 Aug 2024


