වැදගත් සිදුවීම්
වැලිසර නාවික සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් වැලිසර නාවික සංකිර්ණ පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස ගොඩනැගිල්ල විවෘත කර නාවික හමුදා පුද්ගලයින්ගේ පරිහරණය සඳහා භාරදීම අද දින (2024 අගෝස්තු 23) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික සංකිර්ණයේදී සිදුකෙරිණි.
23 Aug 2024
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාර ගනී
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2024 අගෝස්තු 23) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
23 Aug 2024
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 අගෝස්තු මස 22 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද දින (2024 අගෝස්තු 23) කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරිණි.
23 Aug 2024


