වැදගත් සිදුවීම්

රණක්‍ෂිතයට පත් විශ්‍රාමික නාවිකයෙකු වෙත විදුලි රෝද පුටුවක් පිරිනමයි

සටනේදී රණක්‍ෂිතයට පත්ව සිටින සුළු නිලධාරී එච්ජේ පුෂ්පකුමාර යන විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයා වෙත විදුලි රෝද පුටුවක් පිරිනැමීම අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 26 වන දින ජ්‍යේෂ්ඨ නාවිකයාගේ නිවසේ දී සිදු කෙරිණි.

26 Aug 2024

චීන යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

26 Aug 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

26 Aug 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනිල් බෝවත්ත නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට ආසන්න සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් අනිල් බෝවත්ත අද දින (2024 අගෝස්තු 26) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

26 Aug 2024