වැදගත් සිදුවීම්

බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සන්නද්ධ හමුදා සංග්‍රාමික පාඨමාලාව - 2024 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් විසි එක් (21) දෙනෙකු ගෙන් සමන්විත නිලධාරීන් පිරිසක් අද දින (2024 සැප්තැම්බර් 18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් Mohammad Shaheenul Haque සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

18 Sep 2024