වැදගත් සිදුවීම්

කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා මූල්‍ය දායකත්වය ලබාදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරේ.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ, කොළඹ ජාතික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ස්ථාපිත කිරීමට නියමිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරන යන්ත්‍රය සඳහා වූ මූල්‍යමය දායකත්වයට අදාල චෙක්පත, සන්කෙන් ඕවසීස් පුද්ගලික සමාගම විසින් අද දින (2024 සැප්තැම්බර් 19) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ලබාදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

19 Sep 2024

ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ප්‍රංශයේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානයේ නව අධ්‍යයන අධ්‍යක්‍ෂ (French Director of studies of the Regional Center for Maritime Studies) ලුතිනන් කොමාණ්ඩර් Carine BUZAUD හඳුන්වාදීමේ නිළ හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ වැඩ බලන ප්‍රංශ තානාපතිනී ගරු Marie-Noëlle Duris මහත්මිය අද දින (2024 සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

19 Sep 2024

වෙරුගල් ආරු වෙරුගලම්පති ශ්‍රී චිත්‍රවේලායුදර් ස්වාමි හින්දු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍ය පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

ත්‍රිකුණාමලය වෙරුගල් ආරු, වෙරුගලම්පති ශ්‍රී චිත්‍රවේලායුදර් ස්වාමි හින්දු දේවස්ථානයේ දින 14 ක් පුරා පැවති වාර්ෂික දේවමංගල්‍ය 2024 සැප්තැම්බර් මස 18 වන දින නිමාවට පත් වූ අතර, වෙරුගල් ආරු ගංඟාව ආශ්‍රිතව සිදුකෙරුණු පුද පූජා වත්පිළිවෙත් සඳහා සහභාගී වූ විශාල බැතිමතුන් පිරිසකගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව ජීවිත ආරක්‍ෂක සේවා සැපයීමට කටයුතු කෙරිණි.

19 Sep 2024