යාපනයේ, ඩෙල්ෆ්ට් දූපත හා කුරිකට්ටුවාන් ජැටිය අතර මගී ප්රවාහන පහසුකම් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදවා ඇති 'නෙඩුන්තාරකයි' නමැති මඟී ප්රවාහන යාත්රාව, නාවික හමුදාව මඟින් නවීකරණය කිරීමෙන් අනතුරුව, මෙහෙයුම් කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාරදීම 2024 සැප්තැම්බර් මස 19 වන දින ඩෙල්ෆ්ට් දූපතේ ජැටියේදී සිදු කෙරිණි.