වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 255 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 271 ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 255 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසීය එකොලොස් දෙනෙකු (211) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හැට දෙනෙකු (60) ඇතුළු ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ එක් දෙනෙකු (271) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2024 සැප්තැම්බර් මස 28 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.
29 Sep 2024
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක්
2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය නිමිත්තෙන්, නාවික විධානයන් ආවරණය වන පරිදි, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2024 සැප්තැම්බර් මස 28 වන දින උදෑසන ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
29 Sep 2024


