වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර 2024 ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2024 වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කොමදෝරු සුසන්ත ධර්මසිරිගේ ආරාධනයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ ගේ ප්‍රධානත්වයෙන්, වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 04 වන දින සිදුකෙරිණි.

07 Oct 2024

නාවික ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය “Marines Field Training Exercise Blue Whale - 2024” ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලබන Marines Field Training Exercise Blue Whale - 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය 2024 ඔක්තෝබර් මස 05 වන දින ත්‍රීකුණාමලය දකුණ, සාම්පූර් හී පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, විදේශීය නාවික හමුදා සාමාජිකයන් ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම අභ්‍යාසය 2024 ඔක්තෝබර් මස 15 වන දින දක්වා වයඹ මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.

07 Oct 2024