වැදගත් සිදුවීම්
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විවිධ අධ්‍යයන ක්ෂේත්රයන් ඔස්සේ උපාධි සම්පූර්ණ කළ 1732 ක් සඳහා 2024 වර්ෂයේ උපාධි ප්රදානෝත්සවය, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී 2024 ඔක්තෝබර් මස 14 සහ 15 දින පැවැත්වෙන අතර, අද දින (2024 ඔක්තෝබර් 14) පැවති එම උපාධි ප්‍රදානෝත්සවයේ දෙවන සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
14 Oct 2024
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් 2024 ඔක්තෝබර් මස 11 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2024 ඔක්තෝබර් 14) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වෙත නිල වශයෙන් ප්රදානය කර සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.
14 Oct 2024


