වැදගත් සිදුවීම්

ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට අයත් නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට (Higher Defence Management Course India) අයත් ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත, Colonel Kedar D Gupte ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් අද දින (2024 ඔක්තෝබර් 15) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නියෝජනය කරමින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එම නිලධාරින් පිරිස නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමට කටයුතු කෙරිණි.

15 Oct 2024

දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 කොළඹ දී

යූරෝපා සංගම‍යේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 (2nd IORIS Steering Committee Policy Board and Working Groups Meeting -2024), අද දින (2024 ඔක්තෝබර් 15) කොළඹ කොට්යාර්ඩ් හෝටල් පරිශ්‍රයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

15 Oct 2024

නාවික ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය “Marines Field Training Exercise Blue Whale - 2024” සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලැබූ Marines Field Training Exercise Blue Whale - 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය 2024 ඔක්තෝබර් මස 07 වන දින සිට 13 වන දින දක්වා වයඹ මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වුණු අතර, අභ්‍යාසයේ අවසන් දේශනය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර, මැරීන් බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

15 Oct 2024