වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සේවා ලෙස වැඩ භාර ගනියි
ශ්රී ලංකා ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කරණු ලබන, රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සේවා වශයෙන් අද දින (2024 ඔක්තෝබර් 18) නාවික හමුදා මූලස්ථානයේ, අධ්යක්ෂ ජෙනරාල් සේවා කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
18 Oct 2024
දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්රතිපත්ති මණ්ඩලය සහ ක්රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 කොළඹ දී සාර්ථකව නිමාවට පත් වෙයි
ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටුව සහ ශ්රී ලංකා නාවික හමුදාවේ සම සභාපතිත්වයෙන් 2024 ඔක්තෝබර් මස 15 සහ 16 දෙදින(02) පුරා කොළඹ කෝට්යාර්ඩ් හෝටල් පරිශ්රයේ දී පැවති දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්රතිපත්ති මණ්ඩලය සහ ක්රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 (2nd IORIS Steering Committee Policy Board and Working Groups Meeting -2024), 2024 ඔක්තෝබර් මස 16 වන දින සාර්ථකව නිමාවට පත් විය.
18 Oct 2024


