නාවික හමුදා හතරවන වේග ප්රහාරක යාත්රා සමූහයට අනුයුක්තව ක්රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත ප්රථම වතාවට උපහාර පිදීමේ උළෙලක්, 2024 ඔක්තෝබර් මස 19 වන දින ත්රීකුණාමලය නාවික තඨාකාංගණයේ, හතරවන වේග ප්රහාරක යාත්රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී සාර්ථකව පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා හතරවන වේග ප්රහාරක යාත්රා සමූහයේ අණදෙන නිලධාරි, කපිතාන් අතුල ජයවීරගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු ප්රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගි විය.