වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් මිනුවන්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ, මිනුවන්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයන්හි ස්ථාපනය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය (01) 2024 ඔක්තෝබර් මස 21 වන දින ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඉන්ද්‍රානි මල්වැන්න මහත්මිය සහ වැඩබලන කළමණාකරු (නාවික සමාජීය මෙහෙවර) ව්‍යාපෘති විසින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කෙරිණි.
21 Oct 2024
ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 ඔක්තෝබර් මස 19 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ඔක්තෝබර් 21) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
21 Oct 2024
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 19 සහ 20 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ සමඟ එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
21 Oct 2024


