ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාවට (Defence and strategic studies course - Australian) අයත් ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත, Colonel Lara Terese Troy ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් අද දින (2024 ඔක්තෝබර් 22) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම නිලධාරින් පිරිස නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමට කටයුතු කෙරිණි.