වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා ගරු අග්‍රාමාත්‍ය තුමිය බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2024 ඔක්තෝබර් 24) සිය ප්‍රථම නිල හමුවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මැතිනිය බැහැදැකීමට කටයුතු කෙරිණි.
24 Oct 2024
ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නාවික කෞතුකාගාරය නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
වැලිසර, ශ්‍රී ලංකා ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නාවික කෞතුකාගාරය විවෘත කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ සහ මව්බිම වෙනුවෙන් දිවි පිදූ කොමාණ්ඩර් (ස්වේ) සෙඩ්රික් මාර්ටින්ස්ටයින් රණ විරුවා ගේ මැතිණිය, දිල්රුක්ෂි මාර්ටින්ස්ටයින් මහත්මිය ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
24 Oct 2024
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2024 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2024 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම සහ ආචාර පෙළපාලිය 2024 ඔක්තෝබර් මස 24 වන දින වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලශාන්ත් එන් හේවාවිතාරණ ගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමදෝරු සුසන්ත ධර්මසිරි ගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
24 Oct 2024
ජාතික ආරක්ෂක පාඨමාලාවේ නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් වෙනුවෙන් සාම්ප්‍රදායිකව නාවික හමුදාධිපති වෙතින් පිරිනැමෙන රාත්‍රී භෝජන සංග්‍රහය, එම විද්‍යායතනයේ තෙවන (03) පාඨමාලාවට අයත් නිලධාරීන් වෙනුවෙන් පිරිනැමීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 23 වන දින බටහිර නාවික විධාන නිලධාරී නිවාසයේ දී සිදුකෙරිණි.
24 Oct 2024
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 03 වන පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ තෙවන (03) ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන දේශිය හා විදේශීය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, 2024 ඔක්තෝබර් මස 23 වන දින ආරාධිත දේශනයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
24 Oct 2024
උතුරු නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ
උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණෙන් ප්‍රතිසංස්කරණය කරන ලද පිහාටු පන්දු ක්‍රීඩාංගනය සහ නවීකරණය කරන ලද ප්‍රධාන මුළුතැන්ගෙය උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 22 දින විවෘත කෙරිණි.
24 Oct 2024


