වැදගත් සිදුවීම්

උතුරු මැද නාවික විධානයේ නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා සහ පුස්සදේව ආයතන තුළ සුභසාධන පහසුකම් පුළුල් කරමින්, අභිනවයෙන් ඉදිකළ කණිෂ්ඨ නාවික නිවාස, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 18 සහ 19 දින විවෘත කෙරිණි.

26 Oct 2024

නාවික හමුදාධිපති වැලිසර නාවික සංකීර්ණයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර නාවික සංකීර්ණයේ නිල සංචාරයක නිරත වෙමින්, එම නාවික සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් වැලිසර නාවික සංකීර්ණයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

26 Oct 2024