නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 26 සහ 27 යන දෙදින තුළ නාවික තඨාකංගණයේ නිල සංචාරයක නිරත වෙමින්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සමඟ එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් නාවික තටාකංගණයේ නිලධාරීන්, පුහුණු වන නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.