ශ්‍රී ලංකාව තුළ කිමිදුම් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ දැනුම ප්‍රචලිත කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සඳහා කිමිදුම් ප්‍රථිකාර සිදුකරනු ලබන නැවත සම්පීඩනය කිරීමේ කුටීරය (Recompression Chamber) හා හයිපර්බරික් ඔක්සිජන් චිකිත්සාව (Hyperbaric Oxygen) පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික වැඩමුළුවක් නැගෙනහිර නාවික විධාන කිමිදුම් ඒකකයේදී අධියර දෙකක් යටතේ 2024 ජූනි 07 සිට 09 දක්වා සහ 2024 ඔක්තෝබර් මස 26 සහ 27 යන දෙදින තුළ සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.