වැදගත් සිදුවීම්

2024 පර්යේෂණ සහ සංවර්ධනය දිශානති පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය වැලිසරදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සඳහා නාවිකයින් පුහුණු කිරීම සහ දිරිගැන්වීමේ අරමුණින්, පර්යේෂණ සහ සංවර්ධනය දිශානති පාඨමාලාව 2024 ඔක්තෝබර් මස 21 වන දින සිට 30 වන දින දක්වා පැවති අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ පිහිටි පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සම්මන්ත්‍රණ ශාලාවේදී 2024 ඔක්තෝබර් මස 30 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.

01 Nov 2024

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදක්වයි

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස, ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදැක්වීම 2024 ඔක්තෝබර් මස 31 වන දින එම කාර්යාලයේදී සිදුකෙරිණි.

01 Nov 2024