වැදගත් සිදුවීම්

නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳ උපදේශක පාඨමාලාවේ සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයේ සහතික ප්‍රදානය ත්‍රීකුණාමලයේදී

ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී පැවැත්වුණු නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳ කලාපීය උපදේශක පාඨමාලාවේ සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික උපද්‍රව පුහුණු අභ්‍යාසයේ සහතික ප්‍රදානය ත්‍රීකුණාමලය Sober Island Resort හි දී 2024 නොවැම්බර් මස 01 වන දින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

02 Nov 2024