වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග අද දින (2024 නොවැම්බර් 03) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

03 Nov 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය වෙනුවෙන් ධජ ආශිර්වාද පූජා සහ කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය අනුරාධපුර පුද බිමේදී

2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පූජා පුණ්‍ය මහෝත්සවය සහ කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2024 නොවැම්බර් මස 02 වන දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී සහ රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

03 Nov 2024