වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 34 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 34 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම, 2024 නොවැම්බර් 06 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේදී සාර්ථකව නිමාවට පත්විය.

06 Nov 2024

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් අද දින (2024 නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. එහිදී, නාවික හමුදාධිපති හමුවීමෙන් අනතුරුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (Maritime Rescue Coordinating Centre, Colombo - MRCC) සහ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ (Information Fusion Centre - IFC) කටයුතු නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක ලේකම්වරයා, නිලධාරීන් සහ නාවිකයන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමද නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

06 Nov 2024