වැදගත් සිදුවීම්
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ 2024 නොවැම්බර් මස 05 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2024 නොවැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.
08 Nov 2024
රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් අද දින (2024 නොවැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
08 Nov 2024


