වැදගත් සිදුවීම්

ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂක ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරමේෂ් සිවමනි (DG Paramesh Sivamani, PTM, TM ) නිල හමුවක් සඳහා අද දින (2024 නොවැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

11 Nov 2024

කළම්බු ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා සමාගම සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ තිළිණ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් පාසැල් දූ දරුවන් සහ නව යොවුන් ප්‍රජාව වෙනුවෙන් චිත්‍ර සහ සජීවීකරණ වීඩීයෝ තරඟාවලියක් 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එම තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පිරිනමනු ලබන තිළිණ සඳහා අනුග්‍රහක දායකත්වය ලබාදෙනු ලබන කළම්බු ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා සමාගමේ නියෝජිතයින් 2024 නොවැම්බර් මස 11 වන දින විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරණු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී එම තිළිණ සංකේතාත්මකව භාර දීම නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.

11 Nov 2024

රණක්‍ෂිතයට පත් විශ්‍රාමික නාවිකයෙකු වෙත රෝද පුටුවක් පිරිනමයි

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව සිටින බල නැවි අයිඩීඑන් තිලක්කුමාර යන විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයා වෙත රෝද පුටුවක් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2024 නොවැම්බර් මස 10 වන දින මහනුවර වත්තේගම ප්‍රදේශයේ පිහිටි එම කණිෂ්ඨ නාවිකයාගේ නිවසේ දී සිදු කෙරිණි.

11 Nov 2024

ධීවරයින් වෙනුවෙන් නාවික හමුදාව මඟින් මත්ද්‍රව්‍ය නිවාරණ සහ මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහන් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය හා එක්ව ධීවරයින් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ සහ මූලික ජීවිත ආධාරක (Basic Life Support - BLS) පුහුණු වැඩසටහන් 2024 ජූලි මස 14 වන දින සිට 2024 නොවැම්බර් 08 වන දින දක්වා ත්‍රීකුණාමළය කොඩ්බේ ධීවර වරායේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

11 Nov 2024