වැදගත් සිදුවීම්

‘USS Michael Murphy’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 නොවැම්බර් මස 16 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද (2024 නොවැම්බර් 17 දින) කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරුණු අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.

17 Nov 2024

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 17 දින) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

17 Nov 2024