වැදගත් සිදුවීම්
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ තෙවන පූර්ණකාලීන ජාතික ආරක්ෂක පාඨමාලාවේ උපාධි ප්රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ තෙවන පූර්ණකාලීන ජාතික ආරක්ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හතලිස් එක් දෙනෙකු (41) වෙත උපාධි ප්රදානය කිරීම, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල “FGS” ශ්‍රවණාගාරයේදී, 2024 නොවැම්බර් මස 18 වන දින සිදුකෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
18 Nov 2024
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ කොළඹ වරායට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 18 දින) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
18 Nov 2024


