වැදගත් සිදුවීම්
නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 31 ක් විවෘත කිරීම ආරම්භ වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිෂ්පාදනය කරන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) විවෘත කිරීම, 2024 දෙසැම්බර් මස 03 වන දින අනුරාධපුර නාච්චාදූව මුස්ලිම් මහා විද්‍යාලය, මධ්‍යම නුවර ගම්පලාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පලුගොල්ලෑව පෙර පාසල් භූමියේ සහ මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රන්දූව ධීවර සමිතිශාලා භූමියේදී සිදු කෙරිණි.
03 Dec 2024
74 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්
2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන 2024 දෙසැම්බර් මස 02 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී පැවැත්විණි.
03 Dec 2024


