වැදගත් සිදුවීම්
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 04 ක් ජනතා අයිතියට
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ ජනසිරිගම ගම්මානය, හිගුරුවැවගම ගම්මානය, 21 ජනපදයේ බටහිර තක්ෂිලා මහ විදුහල සහ මහගස්වැව මහ විද්‍යාලය යන ස්ථනයන්හි ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 04 වැනි දින සිදු කෙරිණි.
04 Dec 2024
නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 18 වන පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, කපිල දොලගේ ගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ දහ අට වන (18) මාණ්ඩලික පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පැවැත්වීම, 2024 දෙසැම්බර් මස 04 වැනි දින එම විද්‍යාලීය ශ්‍රවණාගරයේදී සිදුකෙරිණි.
04 Dec 2024
නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සායනයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන විශේෂ දන්ත වෛද්‍ය සායන මාලාවේ පළමු වැඩසටහන කරුවලගස්වැව සහ රොටවැව ප්‍රදේශයන් හිදී 2024 නොවැම්බර් මස 25 සහ 26 දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
04 Dec 2024


