වැදගත් සිදුවීම්

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මහේගේවැව ශ්‍රී බෝධිරුක්ඛාරම විහාරස්ථාන භූමියේ සහ පදවිය ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාශයේ අරුණගම ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථාන භූමියේ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 05 වැනි දින සිදු කෙරිණි.

05 Dec 2024

නාවික හමුදාව මඟින් දන්ත සෞඛ්‍ය කඳවුරක් පවත්වයි

නාවික හමුදාවේ සමාජ සත්කාර්යයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන දන්ත සෞඛ්‍ය කඳවුරේ දෙවන අධියර මාතර තලහිටියාගොඩ සහ දේවාලේගම ප්‍රදේශයන් හිදී ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 02 සහ 03 යන දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

05 Dec 2024