වැදගත් සිදුවීම්

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 03 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මුස්නෑව යාලේගම ග්‍රාමයේ, රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංගමුව ධීවර ගම්මාන ප්‍රජා ශාලා භූමියේ සහ රාජංගනය මාලිගාතැන්න පුරාණ රජමහා විහාරස්ථාන භූමියේ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 06 වැනි දින සිදු කෙරිණි.

06 Dec 2024

නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2024 (Public Speaking Competition - 2024) සහ 2024 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය කිරීම, 2024 දෙසැම්බර් මස 05 වැනි දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ හා අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු (නැසීගිය) ගේ මැතිනිය, මොනිකා ප්‍රනාන්දු මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි සිදුකෙරිණි.

06 Dec 2024

74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ත්‍රීකුණාමලය නාවික රෝහලේදී

නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 05 වැනි දින ත්‍රීකුණාමලය, නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

06 Dec 2024