වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පුණ්‍යකර්මයක්‌ වැලිසර නාවික සංකීර්ණයේදී

2024 දෙසැම්බර් මස 09 වැනි දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2024 දෙසැම්බර් මස 06 සහ අද (2024 දෙසැම්බර් 07) වැලිසර නාවික සංකීර්ණයේදී පැවැත්විණි.

07 Dec 2024

74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් වයඹ විධාන නාවික රෝහලේදී

නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 06 වැනි දින වයඹ විධාන නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

07 Dec 2024