වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ දන්ත සෞඛ්‍ය කඳවුරක් පවත්වයි
නාවික හමුදාවේ සමාජ සත්කාර්යයක් ලෙස, නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය එක්ව සංවිධානය කරනු ලබන දන්ත සෞඛ්‍ය කඳවුරු මාලාවේ තවත් අධියරක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ මෝදරවාන සහ තෝරකොලයාය යන විද්‍යාලයන්හිදී 2024 දෙසැම්බර් මස 05 සහ 06 දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
10 Dec 2024
නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද (2024 දෙසැම්බර් 10) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමුවීමට කටයුතු කෙරිණි.
10 Dec 2024
74 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුන්‍යකර්මයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණු අතර, එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම 2024 දෙසැම්බර් මස 08 වැනි දින සහ දළඳා සමිඳුන් උදෙසා දානමය පුණ්‍යකර්මය පැවැත්වීම අද (2024 දෙසැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
10 Dec 2024


